Saturday, September 5, 2026
HomeNEWSLatest Newsවිශ්‍රාම යන නාවික හමුදාපති ජනපති හමු වෙයි ...

විශ්‍රාම යන නාවික හමුදාපති ජනපති හමු වෙයි …

විශ්‍රාම යන නාවික හමුදාපති ජනපති හමු වෙයි …

වසර 36 ක සේවය නිම කොට  විශ්‍රාම යන නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

2019 ජනවාරි 01 වැනි දින නාවික හමුදාපති ධුරයට පත් පියල් ද සිල්වා ශ්‍රී ලංකාවේ 23 වන නාවික හමුදාපතිවරයායි.

30 වසරක ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ඉමහත් කැපවීමෙන් ක්‍රියා කළ ඔහු තම සේවා කාලය තුළ වීර වික්‍රම, වීර වීභූෂණ, රණ වික්‍රම, රණශූර, විශිෂ්ඨ සේවා විභූෂණ ඇතුළු පදක්කම් රැසක් හිමි කර ගත්තේය.

මවුබිම වෙනුවෙන් කළ විශිෂ්ඨ මෙහෙය අගය කළ ජනාධිපතිතුමා ඔහුගේ විශ්‍රාම දිවියට සුභාශීංසන එක් කළේය.

සේවයෙන් විශ්‍රාම ගන්නා පියල් ද සිල්වා මහතා ජනාධිපතිතුමා විසින් අද්මිරාල් ධුරයට උසස් කර තිබේ.

සාම්ප්‍රදායිකව තිළිණ හුවමාරු කර ගැනීම ද සිදු කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img