මැතිවරණයෙන් පසු ජනපති සමඟ එක්වන බව රතන හිමි කියයි.
ජාතික බලවේග වලට නිවැරදි දේ කරගත නොහැකි වූවොත් රට යළිත් ආගාධයට ඇද වැටෙන්නේ යැයි ද ඒ නිසා මෙවර මහ මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව සිය ඡන්දය පාවිච්චි කළ යුතු යැයි ද අපේ ජන බල පක්ෂය නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ. අද රටට අවශ්‍ය වූ ජනාධිපතිවරයෙකු බලයට පත් වී සිටිනවා එතුමා ජයග්‍රහණය කරවීමට අපිත් සමග ජනතාවකැපවූයේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඒත් රට ගැන දැක්මක් තිබෙන ජනාධිපතිවරයකු සිටියත් පාලිමේන්තුව හිස් දූෂිත පුද්ගලයන් ගෙන් පිරුණොත් ජනාධිපතිවරයාගේ බලය අර්ථ විරහිත වෙනවා ඒ නිසා මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන්නේ කුමන වර්ගයේ අය ද යන්න ජනතා වටහා ගත යුතුයි ඒ අනුව පාර්ලිමේන්තුව තෝරා පත්කරගත් යැවිය යුත්තේ දූෂණයෙන් තොර අවංකව රට ගැන හැඟීමක් තිබෙන අයයි මැතිවරණයෙන් පසු ජනාධිපතිතුමා සමග එක්වී රට නංවන වැඩසටහන ක්‍රියාත්මක කරන බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.






















