කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘතිය විෂයය භාර අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණයට……!
කොලොන්නාව ඇතුළු තදාසාන්න ප්‍රදේශ වලට නිරන්තරයෙන් ඇතිවන ගංවතුර පාලනය වෙනුවෙන් ආරම්භ කර ඇති කොලොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු සොයා බැලීම ඊයේ දින (2026.09.23) සිදුකෙරිණ…!
ගංවතුර පාලන ව්‍යාපෘතිය ආශ්‍රිත ක්ෂේත්‍ර පරීක්ෂාවන්ට, ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුනසේකර යන අමාත්‍යවරුන් එක් වූහ…!
කොලොන්නාවට බලපාන ගංවතුර පාලනයට, ප්‍රධාන ඇල මාර්ග 04ක් පුළුල් කර වැඩි ජල ධාරිතාවක් දැරිය හැකි පරිදි වැඩි දියුණු කෙරෙන අතර ජල රඳවන තටාක 07ක් ද, නිර්මානය කෙරේ….!
සැලසුම් ගත ව්‍යාපෘතිය යටතේ සැළලිහිනි මාවත ඇල, දහම්වෙල ඇල, පස්සැන්න ඇල, දඬුතොට ඇල පුළුල් කර සංවර්ධනය කෙරේ….! ඉදිකෙරෙන ජල තටාක 07ලෙස, විවේකාරාම,තුප්පාවෙල,ගොඩැල්ල,සිරිපැරකුම් මාවත,බැලගම,දඬුතොට,කොටිකාවත්ත ප්‍රදේශයන් හි ස්ථානගතව ඇත….!
මෙම ව්‍යාපෘතිය පිරිවැය රුපියල් මිලියන 15,000 කි. ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙය වීමෙන්, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සැලසුම් කර ව්‍යාපෘතිය සේවා ක්‍රියාත්මක කරයි….!
ගංවතුර පාලන ව්‍යාපෘතිය සමඟාමීව ප්‍රධාන හා ග්‍රාමීය මාර්ග පද්ධතිය, කුඩා පාලම්, බෝක්කු, ජල බස්නා කාණු පද්ධති නවීකරණය කරන අතර ඇවිදින මංතීරු,ප්‍රවේශ මාර්ග,රුක් රෝපන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ….!
මෙම ක්ෂේත්‍ර පරීක්ෂාවට කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති දනුශ්ක ප්‍රියදර්ශන, එහි උප සභාපති චන්ද්‍රසිරි පරනවිතාන, ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් වන නිල්මිනි ගර්ලැක්, ශ්‍රීනාත් තේනුවර, කේතක ලොකුමානගේ, චාන්දනී මානෙල්, සුමිත් සුනන්ද, ඩී.මුනසිංහ ඇතුළුව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මහාචාර්ය සමන් එස් සෙනවීර, එහි සාමන්‍යධිකාරී ඒ.එච්.තුශාරී, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (ඉදිකිරීම්) ප්‍රසාද් ද සිල්වා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (ඉදිකිරීම්) හසිනි ලෙනෝරා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (ඉඩම්) හේමන්ත කමලසිරි, ඉංජිනේරුවරුන් වන කේ.ඒ.සුසන්ත, බවන්ත රත්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරිහු එක්ව සිටියහ…!
මාධ්‍ය අංශය
ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය






















