සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,
‘‘වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව පෙරළීමට ශක්තිය තිබෙන්නේ සමගි ජනබලවේගයට සහ සමගි ජන සන්ධානයට බව අද සනාථ කර පෙන්වන්න පොල්දූව මංසන්ධියට පැමිණි රටේ ජනතාවට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම වර්තමාන වමාංශික ආණ්ඩුව පන්නා දැමීමට හැකියාව තිබෙන්නේ දක්ශිණාංශික කඳවුරට පමණයි. ඒ වගේම ආණ්ඩුව සමඟ සමගි ජනබලවේගය ගැටෙන්නේ මතවාදිමය වශයෙන් , ප්‍රතිපත්තිමය වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන්. පැරණි දේශපාලන සංස්කෘතියෙන් වර්තමාන ආණ්ඩුව පන්නා දැමීමට නොහැකි බව සමගි ජනබලවේගය තේරුම් ගෙන තිබෙනවා.
කෙසේ නමුත් ජනතාව ඒකරාශි කර ගැනීමේ ශක්තිය තිබෙන්නේ සමගි ජනබලවේගයට සහ සමගි ජනසන්ධානයට පමණයි. ජනතාව ඒකරාශි කර ගැනීමට නොහැකි පිරිස් සමගි ජනබලවේග වේදිකාවට පැමිණි මුහුණ පෙන්වීම සිදුනොකළ යුතුයි. ඔවුන්ට හැකි ප්‍රමාණයට ජනතාව ඒකරාශි කරලා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව සම්මන්ත්‍රණයක් හෝ පැවැත්වීම මේ අවස්ථාවේදී වැදගත් වෙනවා. ඒ සඳහා සමගි ජනබලවේගය විරුද්ධ වන්නේ නැහැ. ඒ වගේම මාධ්‍ය ගණිකාවන් යොදාගෙන සමගි ජනබලවේගයට මඩ ප්‍රහාර එල්ල කළාට සමගි ජනබලවේගය හෝ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කඩා වට්ටන්න කිසිකෙනෙකුට හැකියාවක් නැහැ.
ඒ වගේම සමගි ජනබලවේගයේ කණ්ඩායම සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මහජනතාව සමඟයි දේශපාලනය කරන්නේ. සජිත් ප්‍රේමදාස මහතා ජනතාව මුණගැහෙන්න දිනකට විශාල කිලෝමිටර් ගණනාවක් ගමන් කරනවා. සමගි ජනබලවේගය මහන්සිවෙලයි දේශපාලනය කරන්නේ. රට විනාශ කරන වර්තමාන ආණ්ඩුව පන්නා දමන්න හැකි සියලුම දේ සමගි ජනබලවේගය සිදුකරනවා. ඒ වගේම සමගි ජනබලවේගය 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වන්නේ එය ප්රජාතන්ත්රවාදයට විරුද්ධ නිසයි. නීතියෙන් පැන යාමට උත්සහ කරන පිරිසකුත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය දක්වනවා. ඒ සඳහා සමගි ජනබලවේගය උදව් කිරීමට නොහැකියි.
කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමට යාම , ඒකාධිපතිවාදය තහවුරු කිරීමට යාම සහ රට දැඩි ආර්ථික අගාධයකට ඇද දමනවාට විරුද්ධවයි සමගි ජනබලවේගය සටන් කරනු ලබන්නේ. ඒ වගේම ආණ්ඩුව පොරොන්දු වුණ පරිදි ආහාර වලට , සෞඛ්‍යට අය කර තිබු වැට් බදු ඉවත් නොකිරීමට විරුද්ධව , පොරොන්දු වුණ පරිදි ඉන්ධන මිල අඩු නොකිරීම , පොරොන්දු වුණ පරිදි ආර්ථිකය ශක්තිමත් නොකිරීම , පොරොන්දු වුණ පරිදි තරුණයන්ට අනාගතයක් නිර්මාණය නොකිරීම ,යන කාරණාවලටයි සමගි ජනබලවේගය විරුද්ධ. වංචාකරුවන් , දුෂිතයන් නීතියේ රැහනට කොටු කරගන්නවාට සමගි ජනබලවේගය විරුද්ධ වෙන්නේ නැහැ.
ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එකතු වෙලා අවසානයි. අනුර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණයක් පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක්ව තරඟ කරනු ලබනවා.
ඒ වගේම ඉදිරි වැඩකටයුතු වලට එක්සත් ජාතික පක්ෂයට එකතු වන ලෙස හදවතින්ම සමගි ජනබලවේගය ආරාධනා කරනවා. කෙසේ නමුත් ආණ්ඩුව පන්නා දමන්න ශක්තිය තිබෙන්නේ සමගි ජනබලවේගයට පමණක් බව උප්පු කර පෙන්වන්න සමගි ජනබලවේගය හැකියාව ලැබුණා. සමගි ජනබලවේගයේ අරමුණ වර්තමාන ආණ්ඩුව පන්නා දැමීමයි.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ බලය ලබා ගත්තේ මතවාදීව ප්‍රතිපත්තිමය අරගලයක් සිදුකරලා. වර්තමාන සමාජය ඉල්ලන්නේ මතවාදි අරගලයක් බව ජනතා විමුක්ති පෙරමුණ උප්පු කර තිබෙනවා. සමගි ජනබලවේගයත් අලුත් මාවතක් මතවාදි ප්‍රතිපත්තිමය ගමනක් යන්න සුදානම්. ආණ්ඩුව පෙරලන්න නම් ඉරි තැලිම් නිර්මාණය කළ යුතුයි. එම ඉරිතැලිම් වර්ධනය කළ යුතුයි. එය සමගි ජනබලවේගය අද සිදුකළා.‘‘






















