Friday, October 30, 2026
HomeNEWSප්‍රජා ශක්ති” වැඩසටහන සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක්

ප්‍රජා ශක්ති” වැඩසටහන සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක්

“ප්‍රජා ශක්ති” වැඩසටහන සඳහා ඩිජිටල් දත්ත පද්ධතියක්

රජයේ ප්‍රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන වෙනුවෙන් ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (13) පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රාම සංවර්ධන කාර්යාංශය සහ ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය යන ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ ක්‍රියාවලිය තුළ සංවර්ධන අවශ්‍යතා සහ ප්‍රමුඛතා හඳුනාගැනීම, ග්‍රාමීය සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා භාවිත කරනු ලබන දත්ත එකම ඩිජිටල් වේදිකාවක් වෙත ඒකාබද්ධ කිරීමේ හැකියාව සහ එම පද්ධතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, අතිරේක ලේකම් මේනක හේරත් මහතා, ග්‍රාම සංවර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තිලිනි සුරංගිකා මහත්මිය ඇතුළු ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් ද සහභාගි වූහ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය
දුරකථන: 0778 755 746

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img