සජිත්ගේ මන්ත්‍රීවරුන් පාඨලී බිලි බා ගන්න හදන සැලසුමක් එළියට.
සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් මුදලට බිලිබා ගැනීමේ සූක්ෂම මෙහෙයුමක් එම සමගි ජනබලවේගයේ ම පාඨලී චම්පික රණවක මහතා විසින් ආරම්භ කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රීන නවීන්් දිසානායක මහතා විසින් හෙළි කරයි. නුවරඑළියෙ පැවති මහමැතිවරණ ඡන්ද රැස්වීමකට සහභාගි වෙමින් නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ මැතිවරණයෙන් පසු සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රීවරුන් බිලිබා ගෙන පාඨලී චම්පික රණවක මහතා වෙනම ගමනක් ආරම්භ කිරීමට සූදානම් වන බවට සැලසුම් සියල්ල හෙළි වී ඇති බවයි.






















