රට දිනවිය හැක්කේ මාලිමාවට පමණයි.
ප්රධාන පක්ෂ තට්ටුමාරු ක්රමයට මේ රට මුළුමනින්ම විනාශ කර ඇති බවත් තවදුරටත් එම දේශපාලන පක්ෂ වලට නොරැවටී රට දිනවීමේ අවස්ථාව මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් රටේ පොදු ජනතාව ට හිමිවී ඇති බවත් ජාතික ජන බලවේගයෙ නායක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්රකාශ කරයි. ඒ මහතා මේ බව ප්රකාශ කළේ ජාතික ජන බලවේගයෙ කොළඹ පැවැති අවසන් රැළියට සහභාගි වෙමිනි. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට ජනතාවගේ වැඩි අවධානයක් යොමු වෙනු ඇතැයි තමන්ට දැඩි විශ්වාසයක් තිබෙන බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්රකාශ කළේය. වීඩියෝ සහිතයි






















