Wednesday, April 29, 2026
HomeNEWSLatest Newsඋතුරු මුහුදේ දී හසුවූ රත්‍රං

උතුරු මුහුදේ දී හසුවූ රත්‍රං

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක‍ දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28) උතුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝ 05 ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාවේ උතුරු නාවික විධානයට ලද තොරතුරකට අනුව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක‍ දෙපාර්තමේන්තුව හා එක්ව උතුරු මුහුදේ කරෙයිනගර් දූපතේ කෝවිලන් ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 14.5ක් දූර මුහුදු ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදුකර ඇත.

එහිදී සැක සහිත ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එහි තිබී ශ්‍රී ලංකාවේ සිට මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් 4ක ආරක්‍ෂිතව අසුරන ලද රත්‍රං කිලෝ 05 ග්‍රෑම් 500ක ප්‍රමාණයක් සහ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

වයස අවුරුදු  30 සහ 32 යන වයස්වල පසුවන අදාළ සැකකරුවන් සහ රත්‍රං ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...

කතාබහක් දුර දිග ගොස් මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව ඉලවාලෙයි පොලීසිය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගිනිඅවියක් පෙන්වා සාපරාදී බලහත්කාරය පෑම සහ අයුතු ඇතුළුවීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් සම්බන්ධයෙනි. වැඩබලන...

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට ප්‍රශ්න 22ක්

මහා භාණ්ඩාගාරයේ මංකොල්ලය හෙළිදරව් කර අද (27) වන විට දින පහක් ගතවී ඇති නමුත් මේ සම්බන්ධයෙන් අවම වශයෙන් මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීමවත් සිදු...

ධවල මන්දිර වෙඩික්කරුගේ ඉලක්කය හෙළිවෙයි

රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්රාත්‍රි භෝජන සංග්‍රහය කැලඹූ වෙඩික්කරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් තම ඉලක්කය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සම්බන්ධ නිලධාරීන් වන බව වොෂින්ටන්හි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img