Monday, October 26, 2026
HomeNEWSLatest Newsඋදේට නැගිටිනකොට පක්ෂයට වෙලා තියෙන දේ ගැන හිතෙනකොට පණ නැතිවෙලා යනවා -චන්ද්‍රිකා

උදේට නැගිටිනකොට පක්ෂයට වෙලා තියෙන දේ ගැන හිතෙනකොට පණ නැතිවෙලා යනවා -චන්ද්‍රිකා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වර්ථමානයේ ඇතිව ඇති තත්ත්වයට තමාද වගකිව යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 69 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කළාය.

“දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයත්වෙලා තියෙන ඉරණම ගැන තාමත් දුක්වෙනවා. තාමත් උදේට නැගිටිනකොට මට ඇඳෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ, මේකට වෙලා තියෙන දේ ගැන හිතෙනකොට පණ නැතිවෙලා යනවා. මමත් මෙයට වගකිව යුතුයි කියලා හිතෙනවා“ යැයි ඒ  මහත්මිය පැවසීය.

“අවුරුදු 9ක් මම දේශපාලනයෙන් අයින්වෙලා ඉදලා. නැවත් දේශපාලනයට එන්නේ නැහැ කියලා පැහැදිලි තීරණයක් මත කටයුතු කරමින්, වෙන කටයුතු කරමින් හිටියේ නමුත් 2015 යළි දේශපාලනයට ආවේ රටට වෙන ඇබැද්දිය දැක්ක නිසා, පක්ෂයට වෙලා තිබුණ ඇබැද්දිය දැක්ක නිසා. මේක ගොඩගන්න පුළුවන් කියලා හිතාගෙන,“ බව හිටපු ජනාධිපතිනිය සඳහන් කළාය.

“මම එක්සත් ජාතික පක්ෂයට ගියා කියලා බනින්නේ, වැරදි කරපු නිසා පන්නපු කට්ටිය. ඒ අය තමයි කියන්නේ චන්ද්‍රිකා පක්ෂය එක්සත් ජාතික පක්ෂයට ගෙන ගියා කියලා. මමයි සන්ධානය කියන අදහස යෝජනා කළේ. අපි කවුරුත් හිටියා. අපි කවුරුහරි පරද්දන්නේත්, මෙන්න වැඩපිළිවෙළ උඩ කියලා අපි මහා දර්ශනයක් හැදුවා. ඒ දර්ශනය අපි අවුරුදු 3ක් ලිව්වා. ඒ දර්ශනය මත තමයි දින 100යේ වැඩපිළිවෙළ හැදුවේ. මේ සියල්ල කඩාදැමුවේ එක පුද්ගලයෙක්. අපි බලයට ගෙන ආ පුද්ගලයා,“ යනුවෙන් හිටපු ජනාධිපතිනිය පැවසීය.

“මට පස්සේ ආපු නායකයෝ දෙන්නාම මේකට වගකියන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වයක් දෙන්න පුළුවන් එකම බණ්ඩාරනායක විනාශ කළේ මේ අය,“ යනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img