Wednesday, October 28, 2026
HomeNEWSLatest Newsනැවේ ගින්න නිවීමට දැරූ වියදම ශ්‍රී ලංකාවට ලැබෙයි ද ?

නැවේ ගින්න නිවීමට දැරූ වියදම ශ්‍රී ලංකාවට ලැබෙයි ද ?

එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකාව දැරූ වියදමේ හානි පූරණ මුදල මෙරටට ගෙවීමට අදාළ නෞකාවේ නියෝජිතයන් වාචිකව එකඟ වී ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා “අද දෙරණට” සඳහන් කළේය.

මෙම නෞකාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා හෙට (14) දිනයේ නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්ථමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙළෙඳ නැව් දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් සහභාගී වීමට නියමිතය.

සමපූර්ණයෙන්ම ගින්න නිවා දමා ඇති නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විට මඩකලපුවට නැගෙනහිරින් නාවික සැතපුම් 52 ක් දුරින් ගැඹුරු මුහුදේ ස්ථානගතව පවතී.

තවදුරටත් නෞකාව ටග් යාත්‍රා යොදා ගනිමින් ආරක්ෂා සහිතව ගැඹුරු මුහුදේ රඳවා තබාගෙන සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්යය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගැනීම ඊයේ (12) සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img