Monday, October 26, 2026
HomeNEWSLatest Newsඅනගාරික ධර්මපාල ජන්ම දින සැමරුමට ජනපතිත් එක්වෙයි

අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුමට ජනපතිත් එක්වෙයි

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 ජන්ම දින සැමරුම් උළෙල මාළිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ පැවැත්වුණි.

මාළිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

”දම්පල් චින්තාවලියට”ගෞරව පිණිස දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යංශය අද ආරම්භ කළ ”සුව ධරණි” හෙළ ඔහු සංරක්ෂණ ව්‍යාපෘතිය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා එහි රත් සඳුන් පැළයක් රෝපණය කළේ ඉන් අනතුරුවය.

පසුව විහාරයේ ධාතු මන්දිරයද වැඳපුදාගත් ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත්තේය.

මේ අතර මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් රුපියල් 500ක අගයකින් යුත් ධර්මපාල අනුස්මරණ කාසිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදුවුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img