Thursday, September 3, 2026
HomeNEWSLatest Newsඅනගාරික ධර්මපාල ජන්ම දින සැමරුමට ජනපතිත් එක්වෙයි

අනගාරික ධර්මපාල ජන්ම දින සැමරුමට ජනපතිත් එක්වෙයි

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 ජන්ම දින සැමරුම් උළෙල මාළිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ පැවැත්වුණි.

මාළිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක මහා විහාරස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

”දම්පල් චින්තාවලියට”ගෞරව පිණිස දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යංශය අද ආරම්භ කළ ”සුව ධරණි” හෙළ ඔහු සංරක්ෂණ ව්‍යාපෘතිය සනිටුහන් කරමින් ජනාධිපතිවරයා එහි රත් සඳුන් පැළයක් රෝපණය කළේ ඉන් අනතුරුවය.

පසුව විහාරයේ ධාතු මන්දිරයද වැඳපුදාගත් ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත්තේය.

මේ අතර මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් රුපියල් 500ක අගයකින් යුත් ධර්මපාල අනුස්මරණ කාසිය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදුවුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img