Thursday, September 3, 2026
HomeNEWSLatest News20 සංශෝධනයේ වගකීම ජනපති සහ කැබිනට් මණ්ඩලය භාරගන්නවා - අමාත්‍ය කෙහෙළිය

20 සංශෝධනයේ වගකීම ජනපති සහ කැබිනට් මණ්ඩලය භාරගන්නවා – අමාත්‍ය කෙහෙළිය

ගැසට් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, අද (17) හෝමාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අතර අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ 20 වන සංශෝධනයේ වගකීම ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය භාරගන්නා බවය.

20 වන ආණ්ඩ්‍රකඅම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටුව යෝජනා කරන සංශෝධන ඊයේ දින කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත්, එම යෝජනා ඉදිරිපත් කෙරුණේ නැත.

ඒ අනුව දැනට ඉදිරිපත්කර ඇති 20 වන ආණ්ඩ්‍රකඅම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර මේවන විට දින 14ක් සම්පූර්ණව ඇති බැවින් මින් ඉදිරියට ඕනෑම දිනකදී එය පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කළ හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img