මේ රටේ තරුණ පරපුරට නිසි තැන ලබා දීමට හැකි වැඩපිළිවෙළක් සමාජගත කළ හැක්කේ සමගි ජන බලවේගය ට පමණක් බවත් තමන් ඒ දේ අනිවාර්යෙන්ම ඉටු කරන බවත් සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. කොළඹ පැවති රැස්වීමකට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ රජයේ තනතුරු පිරිනමන විට අනිවාර්යයෙන්ම තරුණ පරපුරට සැලකිය යුතු ප්‍රතිශතයක් වෙන් කිරීමට තමන් කටයුතු කරන බවයි. වීඩියෝ සහිතයි






















