නාකොටික් නිලධාරීන් හෝ වරදකරුවන් වුවහොත් මරණ දඬුවම දෙන්නැයි ඉල්ලීමක්.
මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන් සමඟ හෙරොයින් අලෙවි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් එම නඩුවෙන් වැරදිකරුවන් වුවහොත් ඔවුන් සියලු දෙනා එල්ලා මැරීම සඳහා වන ඉල්ලීම පොලීසිය විසින් ඉදිරිපත් කරන බව නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි. මෑතකදී එල්ලුම් ගස ක්‍රියාත්මක නොවුන ද මෙවැනි පොලිස් නිලධාරින් සමාජයෙන් දුරු කිරීම සඳහා මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.






















