අධිකරණ අමාත්‍යාංශයෙන් ”යුක්තියට ප්‍රවේශයක්” නමින් විශේෂ ජංගම සේවාවක් හදුන්වාදීමට පියවර ගෙන තිබේ.
අධිකරණ අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලින් සිදුවන මහජන සේවාව ජනතාවට සමීප කරවීම සදහා එම ජංගම සේවාව හදුන්වාදීමට පියවර ගෙන ඇත.
දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි අදාල වැඩසටහන සිදු කිරීමට සැලසුම් කර ඇති අතර උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් එය ආරම්භ කිරීමට නියමිතය.
පොදු ජනතාවට බලපාන නීතින් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම, සංහිදියාව පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබාදීම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් සිදුවන අයහපත් ප්‍රතිඵල පිළිබඳව තරුණ ප්‍රජාව දැනුවත් කිරීම අදාල ජංගම සේවාව මගින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ මීට අමතරව උතුරු පළාතේ ජනතාවට පවතින ඉඩම් ගැටළු, උප්පැන්න, විවාහ හා මරණ සහතික ලබා ගැනීම සදහා විධිමත් වැඩපිළිවෙලක් හදුන්වාදීමද මේ හරහා සිදු කිරීමට නියමිත බවය.






















