ආර්ථික අර්බුදයත් කොරෝනා දෙවැනි රැල්ලක් ජයගත හැක්කේ එජාපෙට පමණයි.
රටේ වර්තමානයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය සහ කොරෝනා දෙවැනි රැල්ල යන අභියෝග ජයගත හැකි එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් වන බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. හැමවිටම මේ රටේ ආර්ථිකය වැටී ඇති සෑම අවස්ථාවකදීම ආර්ථිකය නැගී සිටීමට ශක්තිමත් අඩිතාලමක් දැම්මේ එක්සත් ජාතික පක්ෂය විසින් බවද රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙන්වා දෙන ලදී. ඡන්ද ව්‍යාපාරය සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.






















